ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් නයියර් නසීර් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් පසුගිය අප්‍රේල් 30 වන දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
මෙම හමුවේදී ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් පසුව පකිස්ථාන රජය විසින් ශ්‍රී ලංකාව වෙත ලබාදුන් අඛණ්ඩ සහයෝගය සහ සහාය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සිය විශේෂ ස්තුතිය පළ කළාය. ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම් වූ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව දෙපාර්ශ්වයම මෙහිදී සිහිපත් කරන ලදී.
විශේෂයෙන්ම අධ්‍යාපන, සංචාරක සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු විය. දෙරටේ ජනතාව අතර සබඳතා වර්ධනය කිරීම සහ සහයෝගීතාව සඳහා නව අවස්ථා උදා කර ගැනීම මෙම සාකච්ඡාවල මූලික අරමුණ විය.
මෙම අවස්ථාව සඳහා පකිස්ථාන නියෝජ්‍ය මහ කොමසාරිස් සුනෙයිරා ලතීෆ් මහත්මිය, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය ඇතුළු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශවල නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














