පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවිධ තැපැල් අවශ්‍යතා වඩාත් පහසුවෙන් සහ කාර්යක්ෂමව ඉටුකර ගැනීමට අවකාශ සැලසීම සඳහා නව මුද්දර දෙකක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු පුස්තකාලයේදී මෙම නව මුද්දර නිකුත් කිරීමේ උත්සවය පැවැත්විණි. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගින් රුපියල් 20 සහ රුපියල් 70 යන වටිනාකම්වලින් යුතුව මෙම මුද්දර ද්විත්වය නිර්මාණය කර ඇත. මෙම නව මුද්දර හඳුන්වා දීම හරහා මන්ත්‍රීවරුන්ගේ දෛනික තැපැල් සන්නිවේදන කටයුතු වඩාත් ක්‍රමවත්ව සිදු කිරීමට හැකි වනු ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.














