වෘත්තීය අධ්‍යාපනය වඩාත් විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ දරු දැරියන් වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය පවසයි. ජාතික තරුණ සේවා සභාවේ බස්නාහිර පළාත් NVQ සහතික පත් ප්‍රදානෝත්සවයට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය. ජාතික තරුණ සේවා සභාවේ සභාපති සුපුන් විජේරත්න මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය දුෂාන් ජයරත්න මහතා ඇතුළු ආරාධිතයින් රැසක් එක්ව සිටියහ. මෙරට තරුණ පරපුරේ වෘත්තීය නිපුනතාව ඉහළ නැංවීම වෙනුවෙන් රජය ගනු ලබන මෙම පියවර හරහා වඩාත් ශක්තිමත් ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම අමාත්‍යවරියගේ අපේක්ෂාව වී තිබේ.














