අද (ජූලි 09) පෙරවරුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ විය.
අද දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු අතරට වැදගත් පනත් කෙටුම්පත් කිහිපයක දෙවැනිවර කියවීම් ඇතුළත් වේ. ඒ අනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත අද දිනයේදී විවාදයට ගැනීමට නියමිතය.
















