නීති විරෝධී ලෙස ගජමුතු දෙකක් අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයෙකු සහ ඊට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොම්පඤ්ඤවීදිය, මෙට්‍රෝ නිවාස සංකීර්ණය ආසන්නයේදී මෙම වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් 38, 46 සහ 47 යන වයස්වල පසුවන්නන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
















