එක්දින සහ සාමාන්ය සේවා යටතේ විදේශ ගමන් බලපත්ර ලබාගැනීම සඳහා ප්රාදේශීය කාර්යාල වෙත පැමිණෙන අයදුම්කරුවන් හෙට (29) සිට අන්තර්ජාලය ඔස්සේ දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීම අනිවාර්ය බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඒ අනුව, විදේශ ගමන් බලපත්රයක් සඳහා අයදුම් කිරීමට පෙර අන්තර්ජාලය හරහා දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගත යුතු අතර, එම වෙන්කිරීමෙන් පසුව අදාළ ප්රාදේශීය කාර්යාලය වෙත පැමිණිය යුතුය.














