විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාව 2024 ජනතාව ලබාදුන් ජනවරමට අනුව ගන්නා ලද නිවැරදි පියවරක් බව ‘ජනවරමේ නීතිඥයෝ එකමුතුව’ පවසයි.ජනමතයට අනුව රජය කටයුතු කරන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී නීතිඥ හේමක සේනානායක මහතා මේ බව සඳහන් කළ අතර, අතීතයේ අධිකරණ තීන්දු ලබාදීමට පෙර නඩු ඉල්ලා අස්කර ගැනීම් සහ ඇතැම් තීන්දුවලට එරෙහිව අධිකරණවලට ගල් ගැසීම වැනි තත්ත්වයන් වෙනස් කිරීම සඳහා ජාතික ජන බලවේගය බලයට පත් කළ බව ඔහු පෙන්වා දුන්නේය.එමෙන්ම, නීතිඥ අකලංක උක්වත්ත මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ඕස්ට්‍රේලියාව (අවුරුදු 70), කැනඩාව, බ්‍රසීලය සහ ඩෙන්මාර්කය (අවුරුදු 75) මෙන්ම ඇමෙරිකාව වැනි ලෝකයේ වෙනත් රටවලද විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කර ඇති බැවින්, මෙම සංශෝධනය ලංකාවට පමණක් ආණ්ඩුව ගෙන එන්නක් නොවන බව විරෝධය පළ කරන්නන් තේරුම් ගත යුතු බවයි.














