• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉදිරි වසර දෙක තුළ ඩෙංගු තුරන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉලක්කගත ජාතික වැඩපිළිවෙළක්

5 August 2026
in දේශීය, පුවත්
ඉදිරි වසර දෙක තුළ ඩෙංගු තුරන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉලක්කගත ජාතික වැඩපිළිවෙළක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉදිරි වසර දෙක තුළ ඩෙංගු රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම අරමුණු කරගනිමින් සැලසුම්සහගත හා ඉලක්කගත ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවල වත්මන් තත්ත්වය සමාලෝචනය කිරීම සහ මදුරු මර්දන වැඩසටහන් ශක්තිමත් කිරීම සඳහා කොළඹ ජාතික රෝහලේදී පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම සාකච්ඡාවේදී පසුගිය ඩෙංගු අධි අවදානම් සමයේ ක්‍රියාත්මක වූ වැඩසටහන්වල අඩුපාඩු හඳුනාගැනීම, අධි අවදානම් කලාප වෙත විශේෂ අවධානය යොමු කිරීම, ඒකාබද්ධ මදුරු මර්දන මෙහෙයුම් දියත් කිරීම සහ ඩෙංගු මරණ අවම කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. රෝගීන් අඩුවෙන් වාර්තා වන කාලසීමාව තුළද මදුරු මර්දන වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ග්‍රාම නිලධාරි වසම් මට්ටම දක්වා ක්‍රියාත්මක වන ක්‍රමවත් වැඩපිළිවෙළක අවශ්‍යතාව අවධාරණය කළේය.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා මෙහිදී ප්‍රකාශ කළේ, මීට පෙර දිනකට වාර්තා වූ ඩෙංගු රෝගීන් 1,300ක පමණ සංඛ්‍යාව 350ත් 400ත් අතර මට්ටමකට අඩු කර ගැනීමට පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ වැඩසටහන් හරහා හැකි වූ බවයි. කෙසේ වෙතත්, ඊයේ (04) වන විට දිවයින පුරා සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 87,536ක් සහ ඩෙංගු මරණ 63ක් වාර්තා වී ඇති බව පෙන්වා දුන් ඒ මහතා, ඉදිරි වැසි සමය සහ දේශගුණික විපර්යාස හේතුවෙන් මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වන බව වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 5
Previous Post

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත විමල් සහ උදය ඇතුළු 6 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට නියෝග

Next Post

ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලේදී රන් හා රිදී පදක්කම් දිනූ රුමේෂ් සහ පාලිත වෙනුවෙන් කොළඹදී උත්කර්ෂවත් පිළිගැනීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි  කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

10 August 2026
පහ වසර  ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල  සැප්තැම්බර් මුල් සතියේ

පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මුල් සතියේ

10 August 2026
අයහපත් කාලගුණයෙන් උසස් පෙළට  බාධා මතුවුවහොත් 117 හෝ 1911  අංකවලට අමතන්න

අයහපත් කාලගුණයෙන් උසස් පෙළට බාධා මතුවුවහොත් 117 හෝ 1911 අංකවලට අමතන්න

10 August 2026
කෑගල්ලේ  පෞද්ගලික රෝහලකට  රුපියල් 520,000ක දඩයක්

කෑගල්ලේ පෞද්ගලික රෝහලකට රුපියල් 520,000ක දඩයක්

10 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි  කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

10 August 2026
පහ වසර  ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල  සැප්තැම්බර් මුල් සතියේ

පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මුල් සතියේ

10 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved