ශ්‍රී ලංකා පොලිසියට වසර 160 ක් සපිරීම නිමිති කොට රජය විසින් වෙන් කෙරුණු වාර්ෂික මූල්‍ය ප්‍රතිපාදන භාවිත කරමින්, පොලිස් විද්‍යාලයේ රාජකාරී තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ප්‍රතිසංස්කරණය කරන ලද නියෝජ්‍ය අධ්යක්ෂ පාලන කාර්යාලය 2026.09.15 වන දින යළි විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ කටයුතු පොලිස් විද්‍යාලයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දුෂාන්ත රුවන් තලගල මහතාගේ සුරතින් සිදු කෙරිණි.
ගෞරවනීය මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව අධ්යක්ෂතුමන් විසින් සමස්ත කාර්ය මණ්ඩලය ඇමතීම සිදු කරන ලදී. තවද, බඳවා ගැනීම් සහ පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් සේරම් මහතාද නියෝජ්‍ය අධ්යක්ෂ පාලන කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් පවතින අඩුපාඩු සොයා බලා අධ්යක්ෂතුමන් වෙත සහ ගණකාධිකාරීතුමිය වෙත අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.
මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය අධ්යක්ෂ පාලන පොලිස් අධිකාරී විජිත පෙරේරා මහතා, සහකාර අධ්යක්ෂවරුන්, ගණකාධිකාරීතුමිය, පොලිස් විද්‍යාලයේ ස්ථානාධිපතිතුමන් ප්‍රධාන කථිකාචාර්යවරුන් ඇතුළු නිල හා සිවිල් කාර්ය මණ්ඩලය විශාල පිරිසක් සහභාගී වී සිටියහ.














