160 වන පොලිස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය විසින් සංවිධානය කරන පාපැදි සවාරිය සැප්තැම්බර් 1 වැනිදා සිට 3 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මෙම පාපැදි සවාරිය සැප්තැම්බර් 1 වැනිදා කොළඹින් ආරම්භ වී දඹුල්ල දක්වා ගමන් කිරීමට නියමිත අතර, දෙවැනි දිනයේදී දඹුල්ලෙන් ආරම්භ වී අනුරාධපුරය හරහා පුත්තලම දක්වා ගමන් කිරීමට සැලසුම් කර ඇත.
සැප්තැම්බර් 3 වැනිදා උදෑසන පුත්තලමින් ආරම්භ වන මෙහි අවසන් අදියර කොළඹ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයෙන් අවසන් වීමට නියමිතය. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතාගේ සංවිධානයෙන් මෙම පාපැදි සවාරිය ක්‍රියාත්මක කෙරේ.















