“අපේ ආණ්ඩුව – වසර දෙකයි, රටට සුබයි” යන තේමාව යටතේ රට පුරා පැවැත්වෙන ජන රැලි මාලාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජන රැලිය අද (27) පැවැත්වීමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජන රැලිය පස්වරු 3.30ට ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
වත්මන් රජය බලයට පත්ව වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මෙම ජන රැලි මාලාව සංවිධානය කර ඇති අතර, සැප්තැම්බර් 6 වැනිදා කළුතර දිස්ත්‍රික්කයෙන් එය ආරම්භ කර සැප්තැම්බර් 12 වැනිදා පොළොන්නරුවේත්, 13 වැනිදා අනුරාධපුරයේත්, 20 වැනිදා මාතරදීත් ජන රැලි පැවැත්විණි.
ගම්පහ රැලිය සඳහා එම දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිත බව සඳහන් වේ.













