පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසා එහි වාන් දොරටු 02 ක් විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ජලාශයේ ජල මට්ටම ඉහළ යාම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති අතර, මේ හේතුවෙන් ජලාශයට පහළ කොටසේ දැදුරු ඔය දෙපස සහ ඒ ආසන්න ප්රදේශවල පදිංචි ජනතාවට ඉදිරි පැය කිහිපය තුළ දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් කර සිටියි.














