ශ්‍රී ලංකා පොලිසියේ 160 වැනි සැමරුමට සමාන්තරව, ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ ඉදිකිරීම් අවසන් කරන ලද ගොඩනැගිලි සහ නව පහසුකම් කිහිපයක් 2026 අගෝස්තු 29 වන දින විවෘත කරන ලදී. බඳවා ගැනීම් සහ පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් සේරම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීම් සිදු කෙරිණි.
එහිදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නිවස්නය තුළ රාජ්‍ය නිවේදිත නිලධාරීන් සඳහා ‘Gold Haven Hall’ සහ පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා ‘Silver Haven Hall’ ලෙස නව භෝජනාගාර දෙකක් විවෘත කරන ලදී. මීට අමතරව, අංගසම්පූර්ණ ලෙස ප්‍රතිසංස්කරණය කරන ලද විජයබාහු පුහුණු ස්ථානයද යළි පුහුණු කටයුතු සඳහා විවෘත කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා පොලිස් විද්‍යාලයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දුෂාන්ත රුවන් තලගල සහ පොලිස් ශිෂ්‍යභට කොට්ඨාශයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.ඩී.පී. පෙරේරා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














