මංකොල්ලයක් සම්බන්ධ මෙහෙයුමක් අතරතුර ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සැකකරුවෙකු මියගිය බවට පොලිස් මාධ්ය ප්රකාශකවරයා ප්රකාශ කළේ යැයි සඳහන් කරමින් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන පුවත් සහ ලිපි සම්පූර්ණයෙන්ම අසත්ය බව ශ්රී ලංකා පොලිසිය පවසයි.
ජනතාව නොමඟ යවන සහ අනවශ්ය බියක් ඇති කරන අයුරින් අසත්ය හෝ තහවුරු නොකළ තොරතුරු සමාජ මාධ්ය වෙත මුදාහරින පුද්ගලයන්ට එරෙහිව පරිගණක අපරාධ පනත සහ දණ්ඩ නීති සංග්රහය යටතේ දැඩි නීතිමය ක්රියාමාර්ග ගන්නා බවද පොලිසිය අවධාරණය කර තිබේ.
තොරතුරු විකෘති කරමින් හෝ අසත්ය ප්රචාර පතුරුවමින් ජනතාව නොමඟ යැවීමෙන් වළකින ලෙසත්, සමාජ මාධ්ය භාවිතයේදී වගකීමෙන් කටයුතු කරන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
















