ශ්‍රී ලංකා පොලිසියේ කොන්ත්‍රාත් පදනම මත පවතින සහායක සේවා තනතුරු සඳහා අයැදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමට පොලිස් මීළඟ මූලස්ථානය පියවර ගෙන ඇත.
මීට පෙර 2026 ජූලි 10 දිනැති ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර තිබූ නිවේදනයට අනුව, අයැදුම්පත් භාරගැනීමේ අවසන් දිනය අගෝස්තු 14 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුණි. එහෙත් 2026 අගෝස්තු 14 දිනැති අංක 2502 දරන රජයේ ගැසට් පත්‍රයට අනුව එම අවසන් දිනය 2026 සැප්තැම්බර් මස 14 වනදා දක්වා දීර්ඝ කර තිබේ.
මෙම බඳවා ගැනීම් යටතේ උප පොලිස් පරීක්ෂක සහ පොලිස් කොස්තාපල් තනතුරු සඳහා පුරප්පාඩු පවතින අතර, තොරතුරු තාක්ෂණ, වෛද්‍ය හා සෞඛ්‍ය, තාක්ෂණික සහ කාර්මික මෙන්ම වෙනත් සේවා ක්ෂේත්‍ර සඳහා සුදුසුකම් ලත් අයැදුම්කරුවන්ට මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ පමණක් තම අයැදුම්පත් යොමු කළ හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය දන්වා සිටී.
















