කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අසභ්‍ය රූප මෙන්ම විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයෙන් ජනනය කරන ලද වීඩියෝ සංසරණය ඉහළ යාම හේතුවෙන්, ඒ පිළිබඳව මහජනතාවට පැමිණිලි කිරීම සඳහා පොලිසිය විසින් නව විද්‍යුත් තැපැල් ලිපිනයක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව, එවැනි හිරිහැර හෝ කරදර ඇති කරන රූප සහ වීඩියෝ පිළිබඳ පැමිණිලි **[email protected]** වෙත යැවිය හැකි බව පොලිස් පරිගණක අපරාධ විමර්ශන අංශය පවසයි. එවැනි අන්තර්ගතයන් බෙදා හැරීමට සම්බන්ධ ෆේස්බුක් කණ්ඩායම් හඳුනාගෙන අක්‍රිය කිරීමට සහ වගකිව යුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් පියවර ගනිමින් සිටී.
මීට අමතරව, කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අසභ්‍ය රූප පළ කළ ෆේස්බුක් කණ්ඩායම් මෙහෙයවූ 21 හැවිරිදි පුද්ගලයෙකු ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ සහ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගේ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.
එවැනි ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ තොරතුරු දන්නා ඕනෑම අයෙකුට **011 2381058** යන අංකයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශයට ඒ බව දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.














