පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මෝටර් රථ, ත්‍රීරෝද රථ සහ යතුරුපැදි පදවන්නන් දැඩි අවධානයෙන් හා සංයමයෙන් රිය පදවන ලෙස ශ්‍රී ලංකා පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
හදිසි අනතුරු අවම කර ගැනීම සඳහා ආරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීමේ වැදගත්කම පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, නීතිවේදී එෆ්. යූ. වුට්ලර් මහතා අවධාරණය කළා.
විශේෂයෙන් වාහන අතර ප්‍රමාණවත් පරතරයක් පවත්වා ගැනීම සහ යාන්ත්‍රික දෝෂ පිළිබඳ සැලකිලිමත් වීම අනතුරු වළක්වා ගැනීමට වැදගත් බව ඔහු පෙන්වා දුන්නා.
අයහපත් කාලගුණය පවතින අවස්ථාවල යතුරුපැදිවල ප්‍රධාන ලාම්පු දල්වාගෙන ගමන් කිරීමෙන් ඉදිරියෙන් පැමිණෙන රියැදුරන්ට යතුරුපැදිය හඳුනා ගැනීමට පහසු වන බවද සඳහන් කළා. එමෙන්ම වාහනවල වයිපර් නිසි පරිදි ක්‍රියාත්මක වන බව තහවුරු කර ගැනීම, ටයර් සහ තිරිංගවල තත්ත්වය පරීක්ෂා කිරීම මෙන්ම අවශ්‍ය අවස්ථාවල ද්විත්ව සංඥා භාවිත කිරීම පිළිබඳවද රියැදුරන්ගේ අවධානය යොමු කර තිබෙනවා.
වාහනවල ගමන් කරන සියලු දෙනා ආසන පටි පැළඳ සිටීමේ වැදගත්කමද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළා. රියැදුරන් සෙසු මාර්ග භාවිත කරන්නන්ට ගෞරවයෙන්, පරිස්සමින් සහ සංයමයෙන් රිය පදවා තම ගමනාන්තයට ආරක්ෂිතව ළඟා වන ලෙසද ඔහු ඉල්ලා සිටියා.
















