වැරදි මාර්ගවලට යොමුවීමෙන් වැළකී, සමාජයේ ආදරය සහ ගෞරවය දිනාගත හැකි යහපත් ජීවිතයක් තෝරාගන්නා ලෙස ශ්‍රී ලංකා පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ජීවිතයේ ඇතිවන විවිධ ගැටලු හේතුවෙන් වැරදි තීරණ ගැනීමට හෝ නීති විරෝධී ක්‍රියාවන්ට යොමුවීමට පෙර ඒ පිළිබඳව නැවත සිතා බලන ලෙස පොලීසිය අවධාරණය කරයි.
කෙටි කාලීන වාසි වෙනුවෙන් ගන්නා වැරදි තීරණයක් හේතුවෙන් තමන්ගේ අනාගතයට මෙන්ම පවුලේ සාමාජිකයන්ට සහ සමස්ත සමාජයටද අහිතකර බලපෑම් ඇතිවිය හැකි බව පොලීසිය පෙන්වා දෙයි.
එබැවින් අභියෝග හමුවේ නොසැලී, නීත්‍යානුකූල හා යහපත් මාර්ගය තෝරාගෙන තමන්ටත් සමාජයටත් ආඩම්බර විය හැකි ගෞරවාන්විත ජීවිතයක් ගත කරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
















