ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන ක්‍රමය සහ පැරණි දේශපාලන නායකත්වය දැඩි ලෙස විවේචනය කරමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සුවිශේෂී ප්‍රකාශයක් සිදුකර තිබේ.
රට තුළ පවතින දූෂිත දේශපාලන ජාලය සමස්ත පද්ධතියම ගිලගෙන ඇති බව පෙන්වා දෙන ඒ මහතා, එහි ප්‍රධානතම පාර්ශවකරුවන් ලෙස රාජපක්ෂ පරම්පරාව සෘජුවම හඳුන්වා දෙයි. වත්මන් ජනතාව පැරණි ප්‍රබල දේශපාලන නායකයන් කෙරෙහි මුළුමනින්ම කලකිරීමට පත්ව සිටින බවද ඔහු අවධාරණය කරයි.
ජනතා ප්‍රසාදය ගිලිහී ගොස් තිබුණද, මෙම පිරිස් බලය අත්හැරීමට කිසිසේත්ම කැමැත්තක් නොදක්වන බව පවසන සරත් ෆොන්සේකා මහතා, ඔවුන් ඕනෑම තත්ත්වයක් යටතේ, “හැරමිටියෙන් හෝ දේශපාලනය කිරීමට” උත්සාහ දරමින් සිටින බවට උපහාසාත්මක ලෙස දැඩි දෝෂදර්ශනයකට ලක් කර සිටියි.
















