තැපැල් දෙපාර්තමේන්තුවේ 2024 – 2025 වර්ෂවල සිදුව ඇති මූල්‍ය වංචා සහ විනය විරෝධී ක්‍රියා සම්බන්ධ විමර්ශන කටයුතු වඩාත් විධිමත් කිරීම සඳහා නව පරිගණකගත මෘදුකාංග පද්ධතියක් හඳුන්වා දී තිබේ.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී මේ බව අනාවරණය විය. ඇතැම් විමර්ශන වසර ගණනාවක් තිස්සේ අවසන් නොවී තිබීම, චෝදනා ලැබූවන් අතුරුදන් වීම හෝ මියයාම සහ විමර්ශන අංශයේ මානව සම්පත් හිඟය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි. විමර්ශන ගොනු යාවත්කාලීන කර ඒවායේ ප්‍රගතිය අධීක්ෂණය කිරීමට නව මෘදුකාංගය මඟින් පහසුකම් සලසා ඇති අතර, නියමිත කාලසීමාවක් තුළ විමර්ශන අවසන් කර අදාළ පාර්ශ්වයන්ගෙන් අලාභ අයකර ගැනීමට කටයුතු කරන ලෙස කාරක සභාව අවධාරණය කළේය. මීට අමතරව, අතිකාල දීමනා ගෙවීම් විධිමත් කිරීමට ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය සහ තැපැල් සේවාව ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.














