මත්ද්‍රව්‍ය භාවිත කර මගී බස් රථ ධාවනය කරන රියැදුරන් සහ කොන්දොස්තරවරුන් පරීක්ෂා කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති, විශ්‍රාමික කොමදෝරු ගාමිණී ජාසිංහ පවසයි.
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී සිදු කරන ලද අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී රියැදුරන් සිව්දෙනකු සහ කොන්දොස්තරවරුන් පස්දෙනකු මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට අනාවරණය වී තිබේ. අධිවේගී මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකුද මීට ඇතුළත් වන අතර, බස් රථ සේවකයන් 152 දෙනෙකු මෙහිදී පරීක්ෂාවට ලක් කර ඇත. වරදකරුවන් වූ පිරිස හෝමාගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














