ජනාධිපති අරමුදල මඟින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහනේ දෙවන අදියර ඔක්තෝබර් 10 වැනි සෙනසුරාදා දිනය පුරා රුහුණු විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මෙම වැඩසටහනේ පළමු අදියර මීට පෙර රජරට විශ්වවිද්‍යාලයේදී සාර්ථකව පැවැත්වුණු අතර, එහිදී ඇස් පරීක්ෂාවට ලක් වූ සිසුන් 316 දෙනෙකු සඳහා ඇස් කණ්ණාඩි ප්රදානය කිරීම ඔක්තෝබර් 17 වැනි දින එම විශ්වවිද්‍යාලයේදී සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
















