ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලීසිං ක්‍රමයට (ලීසිං පදනම මත) වාහන 16ක් ලබා ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මෙම වාහන ලීසිං ක්‍රමයට ලබා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇති බව සඳහන් කළ මන්ත්‍රීවරයා, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ තවමත් මේ පිළිබඳව අවධානය යොමු වී නැත්නම් ඒ ගැන සොයා බලන ලෙසයි.
















