පාර්ලිමේන්තුවේ නීති සම්පාදන කටයුතු අවසන් කළ වහාම පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ කරුණකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පළ කළ අදහස් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවත්, පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන බවත්ය.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය ලැබී ඇති බව ලේකම් මණ්ඩලය විසින් තමන් වෙත තහවුරු කර ඇති බවයි.
















