පළාත් සභා මැතිවරණය සඳහා සුදුසු ඡන්ද ක්‍රමයක් යෝජනා කිරීමට පත් කරනු ලැබූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින්, පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් අදහස් පළ කිරීම සඳහා ‘තාරුණ්‍ය සඳහා වූ පාර්ලිමේන්තු සංසදයට’ නිල වශයෙන් ආරාධනා කර තිබේ.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති, අමාත්‍ය විජිත හේරත් මහතා පවසා ඇත්තේ අදාළ හමුව ලබන සැප්තැම්බර් මස (මෙහි මුල් සතියේදී) පැවැත්වීමට නියමිත බවයි.
මීට පෙර පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් පාර්ලිමේන්තු කාන්තා සංසදය සමඟද මේ සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් පවත්වන ලද අතර, එහිදී පළාත් මැතිවරණයේ කාන්තා නියෝජනය පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
















