යුක්රේනයේ කියෙව් අගනුවර ආසන්නයේ පිහිටි ප්‍රදේශ වෙත එල්ල වූ දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව BBC World වාර්තා කරයි.
ප්‍රහාර හමුවේ නගරයේ නවාසික ගොඩනැගිලි සහ ප්‍රධාන යටිතල පහසුකම් රැසකට දැඩි හානි සිදු වී ඇති අතර, හදිසි අනතුරු අංශ සහ සහන කණ්ඩායම් විසින් ප්‍රහාරයට ලක්වූ ප්‍රදේශවලින් සිය ගණනක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට කටයුතු කර ඇත. සුන්බුන් අතර තවදුරටත් සිරවී සිටින පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව යුක්‍රේන බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
















