අද (අගෝස්තු 21) දිනයේදී දිවයින පුරා සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අසනීප නිවාඩු වාර්තා කරමින් සංකේත වැඩවර්ජනයක නිරත වී ඇත.
කටුනායක ගුවන්තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කිරීමට විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරනු ලබයි. පෙරේදා (අගෝස්තු 19) රාත්‍රියේ රැස්වූ සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන තිබේ.














