කොළඹ වරාය නගරයේ (පෝට්සිටි) සිදු කරන ලද වැටලීම්වලදී සුඛෝපභෝගී යාත්‍රාවක් තුළ පවත්වා ගෙන ගිය තරුණ සාදයක් සහ බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවි කළ ආපනශාලා දෙකක් දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් පසුගිය සති අන්තයේ සාර්ථකව වටලා තිබේ.
මෙම වැටලීමේදී රුපියල් ලක්ෂ 50කට අධික වෙළෙඳපොළ වටිනාකමකින් යුත් දේශීය මත්පැන් මිලිලීටර් 19,500ක්, විදේශීය මත්පැන් මිලිලීටර් 45,400ක් සහ බියර් මිලිලීටර් 2,44,925ක් සුරාබදු භාරයට ගෙන ඇත. මීට අමතරව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ. සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝග මත සහ උසස් නිලධාරීන්ගේ උපදෙස් පරිදි සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සඳහා එක්ව ඇත.














