අද (27) දිනයේ දුම්රිය ධාවනය ප්‍රමාදයන් සහිතව සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. තාක්ෂණික දෝෂ සහිත දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට ලොකොමෝටිව් රියදුරන්ගේ සංගමය ගෙන ඇති තීරණය මෙලෙස දුම්රිය ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව වී තිබේ.
ලොකොමෝටිව් රියදුරන්ගේ සංගමයේ කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ධාවනයේදී පනවා ඇති වේග සීමා ද තරයේ පිළිපැදීමට රියදුරන් කටයුතු කරන බවයි. දුම්රිය එන්ජින් සහ මැදිරිවල පවතින තාක්ෂණික අඩුපාඩු මධ්‍යයේ ධාවනය සිදු කිරීම මගින් සිදුවිය හැකි අනතුරු වැළැක්වීම සඳහා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගත් බව එම සංගමය වැඩිදුරටත් පවසයි.
මේ හේතුවෙන් කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර කිහිපයක් ප්‍රමාද වී ඇති අතර, දුම්රිය මගීන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව වාර්තා වේ.














