හෙට දිනයේ පැවැත්වීමට නියමිත දුම්රිය වර්ජනයක් හේතුවෙන් අද රාත්‍රී 7ට කොළඹ කොටුව සිට මඩකළපුව බලා, රාත්‍රී 8ට කංකසන්තුරය දක්වා සහ රාත්‍රී 9.30ට මඩකළපුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු ගමන්වාර 6ක් අවලංගු වන බවට තොරතුරු වාර්තා විය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සිදුකළ විමසීමේදී ඔවුන් සඳහන් කර ඇත්තේ අද දිනයට නියමිත කිසිදු දුම්රියක් අවලංගු නොවන බවත්, සියලුම දුම්රියයන් නියමිත කාලසටහන පරිදි ධාවනය වන බවත්ය.














