දිට්වා ආපදාව හේතුවෙන් මව්පියන් අහිමි වූ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක පවුල් 18ක දරුවන් 32 දෙනෙකු සඳහා ටෝකියෝ සිමෙන්ති ලංකා පුද්ගලික සමාගමේ අනුග්‍රහයෙන් මූල්‍ය ආධාර පිරිනැමීම බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද (16) සිදු කෙරිණි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ, පසුගිය ජූලි මස සිට වසර තුනක් දක්වා මාසිකව රුපියල් 5,000ක මුදලක් භාරකරුවන් වෙත බැර කෙරෙන අතර, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ටෝකියෝ සිමෙන්ති ආයතනික කළමනාකරු සාලින්ද කඳපොළ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.














