දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයාගේ අත්තනෝමතික පරිපාලනයට එරෙහිව සහ වෘත්තීය සමිති නිලධාරීන් මර්දනය කිරීමට එරෙහිව සැප්තැම්බර් 17 සහ 18 යන දෙදින තුළ පැය 48ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට දුම්රිය වෘත්තීය සමිති 24ක් තීරණය කර තිබේ.
පවතින අත්තනෝමතික පරිපාලන ක්‍රියාමාර්ග හේතුවෙන් දුම්රිය සේවය දැඩි අර්බුදයකට පත්ව ඇති අතර, එමඟින් දිනපතා ගමන් ගන්නා මගී ජනතාව දැඩි අපහසුතාවට පත්වන බව වෘත්තීය සමිති පෙන්වා දෙයි. මෙම අසාධාරණ තත්ත්වයන්ට එරෙහිව හඬ නගන වෘත්තීය සමිති නායකයින් සහ නිලධාරීන් ඉලක්ක කරගනිමින් සිදුවන මර්දනයට එරෙහිව මෙම පැය 48ක සංකේත වැඩවර්ජනයට අවතීර්ණ වන බව එම සංගම් වැඩිදුරටත් සඳහන් කරයි.
















