ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් එය පැය 20කට ආසන්න කාලයක් අක්‍රීය වී පවතී. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන පරිදි, මෙම ප්‍රහාරය හේතුවෙන් වෙබ් අඩවියේ දුම්රිය කාල#publicnotice කොටසට පමණක් බලපෑමක් එල්ල වී තිබේ. කෙසේ වෙතත්, අදාළ දෝෂය යථා තත්ත්වයට පත් කරන තෙක් ආරක්ෂක හේතූන් මත වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම අක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.















