පෙරේදා (14) රාත්‍රියේ එල්ල වූ හදිසි සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් අක්‍රිය වී තිබූ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය (Official Website) ඊයේ (15) දින සවස් වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වුවද, වෙබ් අඩවියේ ඇතුළත් කර තිබූ දුම්රිය කාලසටහන් පද්ධතිය තවදුරටත් අක්‍රිය තත්ත්වයක පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ හේතුවෙන් මෙතෙක් කිසිදු දුම්රිය කාලසටහනක් සංශෝධනය කර නොමැති බවත්, පද්ධතියේ පවතින තාක්ෂණික දෝෂයන් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කර සිටියි.
















