2010 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ මෙරට ආගමික නායකයන් වෙත නිකුත් කර ඇති රාජකාරී විදේශ ගමන් බලපත්‍ර පිළිබඳ සම්පූර්ණ තොරතුරු ඇතුළත් වාර්තාවක් ආනන්ද විජේපාල මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
එම වාර්තාවට අනුව කොළඹ (
, මහනුවර (5), කළුතර (3), අනුරාධපුර (1), පුත්තලම (1), ගාල්ල (1) සහ ගම්පහ (1) යන දිස්ත්‍රික්ක නියෝජනය කරන ආගමික නායකයන් වෙත මෙම බලපත්‍ර නිකුත් කර ඇති බව ඔහු සඳහන් කළේය.
මෙම බලපත්‍ර භාවිතයෙන් සිදුකර ඇති සංචාරයන්හි පළමු ගමනාන්තය පිළිබඳ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තු දත්ත පද්ධතිය තුළ සටහන්ව තිබුණද, ඉන් පසුව වෙනත් රටවලට සිදුකරන සංචාරයන්හි තොරතුරු වාර්තා නොවන බව විජේපාල මහතා පෙන්වා දුන්නේය. 2008 සහ 2016 වර්ෂවල නිකුත් කරන ලද අමාත්‍යාංශ චක්‍රලේඛවලට අනුව මෙම බලපත්‍ර නිකුත් කිරීම සිදුකරන බවත්, ඊට අදාළ සියලු ඇමුණුම් පාර්ලිමේන්තුවට සභාගත කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















