අමෙරිකා එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුවේ 2026 මානව ජාවාරම් වාර්තාවට අනුව ශ්රී ලංකාව තවදුරටත් Tier 2 කාණ්ඩය යටතේ වර්ගීකරණය කර තිබේ. ඒ අනුව, ශ්රී ලංකාව අඛණ්ඩව පස්වැනි වසරටත් එම කාණ්ඩයේ රැඳී සිටියි.
මානව ජාවාරම තුරන් කිරීම සඳහා වන අවම ප්රමිතීන් ශ්රී ලංකාව සම්පූර්ණයෙන් සපුරා නොමැති වුවද, ඒ සඳහා සැලකිය යුතු උත්සාහයක් දරන බව මෙම වර්ගීකරණයෙන් අදහස් වේ.
වාර්තාවේ සඳහන් කර ඇති ප්රගතිමය පියවර අතර ජාවාරම්වලට එරෙහි නීති ක්රියාමාර්ග ශක්තිමත් කිරීම, වින්දිතයන් සඳහා රැකවරණ සේවා පුළුල් කිරීම, ජාතික ක්රියාකාරී සැලැස්මක් හඳුන්වාදීම සහ අපරාධවලින් උපයාගත් වත්කම් හඳුනාගෙන අත්පත් කර ගැනීම සඳහා 2025 අප්රේල් මාසයේදී අපරාධවලින් ලැබුණු ආදායම් පනත සම්මත කිරීම ඇතුළත් වේ.
එහෙත් වින්දිතයන් හඳුනාගෙන ඔවුන්ට අවශ්ය සේවා ලබාදීම, ජාවාරම් සම්බන්ධ නඩු කටයුතු කාර්යක්ෂම කිරීම සහ රාජ්ය නිලධාරීන්ගේ සම්බන්ධතා පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් වගවීම තහවුරු කිරීම වැනි ක්ෂේත්රවල තවදුරටත් අභියෝග පවතින බව වාර්තා වේ.
විදේශ රැකියා සඳහා යන ශ්රී ලාංකිකයන් මුහුණ දෙන ශ්රම සූරාකෑමේ අවදානම මෙන්ම, විදේශ රටවල ඔන්ලයින් වංචා මෙහෙයුම්වලට සම්බන්ධ කර ගැනීම සහ බලහත්කාරයෙන් අපරාධවලට යොමු කිරීම වැනි අවදානම් ද මානව ජාවාරම වැළැක්වීමේ කටයුතුවලදී අවධානයට ලක්ව තිබේ.















