දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර, අද (21) රාත්‍රී 9:00 වන විට නිකුත් කරන ලද වාර්තාවට අනුව කුඩා ගඟ (මිල්ලකන්ද / කළවැල්ලාව – මීටර් 7.12) සහ ගිං ගඟ (බද්දේගම – මීටර් 4.11) යන ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් පවතී. කළු ගඟ (රත්නපුර), මගුරු ගඟ (මගුර) සහ නිල්වලා ගඟ (තල්ගහගොඩ සහ පානදුගම) යන ප්‍රදේශ මේ වන විට අවධානම් මට්ටමේ පවතින නමුත්, එම ජල මට්ටම් ක්‍රමයෙන් පහළ යමින් පවතින බව වාර්තා වේ.
ගත වූ පැය 12 තුළ වැඩිම වර්ෂාපතනයක් සීතාවක ගඟෙන් (දෙරණියගල – 38.4mm) සහ මහවැලි ගඟෙන් (පේරාදෙණිය – 33.8mm) වාර්තා වී ඇති අතර, අදාළ ගංගා ද්‍රෝණි අවට පහත් බිම්වල ජීවත් වන ජනතාව සහ රියැදුරන් හදිසි ආපදා තත්ත්වයන් මඟහරවා ගැනීම සඳහා දැඩි විමසිල්ලෙන් හා ආරක්ෂාකාරීව කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ අංශ ඉල්ලා සිටී.















