අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ විකුණුම් අගය අද (12) රුපියල් 326 සීමාව ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව රුපියලේ විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 326.12ක් ලෙසයි.
විනිමය අනුපාතිකය මෙලෙස රුපියල් 326 සීමාව ඉක්මවා ගියේ 2024 වසරේ ජනවාරි 19 වැනිදායින් පසුව පළමු වතාවට වීම විශේෂත්වයකි.














