පසුගිය අඟහරුවාදා දිනයට සාපේක්ෂව අද (29) දින ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. මහ බැංකු වාර්තාවලට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 314.99 සිට රුපියල් 315.54 දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි විකුණුම් මිල ද රුපියල් 322.75 සිට රුපියල් 323.26 දක්වා ඉහළ ගොස් තිබේ. මීට අමතරව ගල්ෆ් කලාපීය මුදල් ඒකක ඇතුළු අනෙකුත් ප්‍රධාන විදේශීය මුදල් වර්ග රැසකට සාපේක්ෂව ද රුපියලේ අගය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව වාර්තා වේ.














