ශ්රී ලංකා මහ බැංකු දත්ත සහ වාණිජ බැංකු වාර්තාවලට අනුව, අද (11) දිනයේදී ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, ඩොලරයේ විකුණුම් අනුපාතිකය රුපියල් 332ක මට්ටමේ ස්ථාවරව පවතී.
සෙලාන් බැංකුවේ ඩොලර් ගැනුම් මිල රු. 324.35ක් සහ විකුණුම් මිල රු. 333.60ක් ලෙස නොවෙනස්ව පවතින අතර, මහජන බැංකුවේ සහ කොමර්ෂල් බැංකුවේ ඩොලර් විකුණුම් මිල රුපියල් 332.50 දක්වා පහළ ගොස් ඇත. සම්පත් බැංකුවේ ඩොලර් ගැනුම් මිල රු. 324.50ක් සහ විකුණුම් මිල රු. 332.50ක් ලෙස දැක්වේ.














