පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රජා ජල ව්‍යාපෘති සඳහා භාවිත කරන ජල මූලාශ්‍ර 5,464කින් 1,897ක් අවදානම් තත්ත්වයට පත්ව තිබුණද, සැප්තැම්බර් අවසානය දක්වා පානීය ජල අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් ජල සංචිත පවතින බව ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
මේ වනවිට දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36ක පානීය ජල හිඟයක් මතුවීම හේතුවෙන් පවුල් 40,945ක් පීඩාවට පත්ව ඇති අතර, බවුසර් මඟින් සහ වෙනත් ක්‍රම ඔස්සේ එම ජනතාවට අවශ්‍ය ජලය ලබාදීමට කටයුතු කර ඇත. මඩකලපුව උන්නච්චි ජලාශයේ ජල මට්ටම පහළ යාම නිසා ප්‍රදේශ කිහිපයක ජල සැපයුම සීමා කර තිබුණද, සැප්තැම්බර් අග වන විට වර්ෂාව ලැබෙන තෙක් පවතින ජලය කළමනාකරණය කරගත හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














