මහ බැංකුව පෙන්වා දෙන පරිදි, මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ 2026 වසරේ පෙබරවාරි මස අග භාගයේදී මැද පෙරදිග කලාපයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය වර්ධනය වීමයි. එම බාහිර අහිතකර බලපෑම් හේතුවෙන් විදේශීය අංශයට එල්ල වූ පීඩනය ඉහළ යාම මෙලෙස රුපියලේ අගය කෙරෙහි බලපා ඇත. කෙසේ වෙතත්, මෙය කලාපයේ අනෙකුත් රටවල මුදල් ඒකකවල දක්නට ලැබුණු අවප්‍රමාණය වීමේ ප්‍රවණතාවලට සමගාමීව සිදුවූවක් බව ද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
















