ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දිනයේ නිකුත් කරන ලද නවතම විනිමය අනුපාතිකයන්ට අනුව, ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියලේ අගය කැපී පෙනෙන ලෙස ශක්තිමත් වී තිබේ.
මහ බැංකුවේ වාර්තාවලට අනුව, අද දිනයේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 339.0672ක් ලෙස සටහන්ව ඇති අතර, ගැනුම් මිල රුපියල් 329.1875ක් ලෙස වාර්තා වේ.
ඊයේ (17) දිනය හා සසඳන විට, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු රැසක ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සැලකිය යුතු ලෙස අධිප්‍රමාණය වී ඇති බව දක්නට ලැබේ. ඒ අනුව, ඇතැම් වාණිජ බැංකුවල ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 339ක මට්ටමක පවත්වා ගැනීමට හැකි වී තිබේ.
පවතින ආර්ථික තත්ත්වය හමුවේ රුපියලේ අගය මෙලෙස ස්ථාවර වීම සහ ශක්තිමත් වීම මෙරට ආනයන හා අපනයන ක්ෂේත්‍රවලට මෙන්ම සාමාන්‍ය ජන ජීවිතයට ද සෘජු බලපෑමක් ඇති කරනු ඇත.
















