ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියලේ අගය අද (23) වාණිජ බැංකු කිහිපයක තවදුරටත් පහළ ගොස් තිබේ. ඒ අනුව, බැංකු කිහිපයක ඩොලරයේ විකිණුම් මිල රුපියල් 336 සීමාව ඉක්මවා ඇත.
සෙලාන් බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රු. 327.55ක් ලෙසත්, විකිණුම් මිල රු. 336.80ක් ලෙසත් නොවෙනස්ව පවතී.
NDB බැංකුවේ ගැනුම් මිල රු. 327.80ක් දක්වාත්, විකිණුම් මිල රු. 336.80ක් දක්වාත් ඉහළ ගොස් තිබේ. මහජන බැංකුවේ ගැනුම් මිල රු. 328.11ක් වන අතර විකිණුම් මිල රු. 336.24කි.
කොමර්ෂල් බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රු. 326.33ක් දක්වාත්, විකිණුම් මිල රු. 336.25ක් දක්වාත් ඉහළ ගොස් ඇත. සම්පත් බැංකුවේ ගැනුම් මිල රු. 328.50ක් වන අතර විකිණුම් මිල රු. 336.50ක් ලෙස වාර්තා වේ.













