වත්මන් ආණ්ඩුව වසර දෙකක් පුරා ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු නොකර අලුත් පොරොන්දු ලබාදෙමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. රටේ සිදුවන බව කියන වංචා දූෂණ සහ ජනතා පීඩාවන් සම්බන්ධයෙන්ද ඔහු ආණ්ඩුව විවේචනය කළා.
මැතිවරණ සමයේ උපාධිධාරීන් 35,000කට රැකියා ලබාදෙන බවට පොරොන්දු වූ බව සඳහන් කළ මන්ත්‍රීවරයා, විරැකියාව සහ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන්ද අදහස් පළ කළා. ආර්ථික වර්ධනය, උද්ධමනය සහ වරායේ බහාලුම් 323ක් මුදාහැරීමේ සිද්ධිය පිළිබඳවද ඔහු ආණ්ඩුවට චෝදනා එල්ල කළා.
එමෙන්ම 2025 සහ 2026 වසරවලදී කළු කඩ වෙළෙඳපොළ හරහා ඩොලර් බිලියනයකට අධික මුදලක් රටින් පිටව ගොස් ඇති බවත්, ආනයනය කළ ගල් අඟුරු නැව් 19ම බාල තත්ත්වයේ ඒවා බවත් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ගල් අඟුරු මෙට්‍රික් ටොන් 120,000ක් අතුරුදන්ව ඇති බවටද ඔහු චෝදනා කළා.
















