රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයින්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් පවතින ගැටලුවලට විසඳුම් ලබා දීම අරමුණු කරගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද වැටුප් සහ විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ සාමාජිකයින්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.
2026 ජූනි 22 දිනැති අංක 2494/05 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මෙම කොමිෂන් සභාව ස්ථාපනය කරනු ලැබීය.
පත්වීම් ලබාගත් සාමාජිකයින්:
සභාපති: විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස් මහතා.
සෙසු සාමාජිකයින්: විනිසුරු (විශ්‍රාමික) කේ. කේ. ඒ. වී. ස්වර්ණාධිපති, එන්.බී.එම්. රණතුංග, වෛද්‍ය ආර්.ඩබ්. ජයන්ත, ආචාර්ය ජී.එම්. මුදිත් සුජීව, බ්‍රිගේඩියර් (විශ්‍රාමික) බී.ජේ. ප්‍රනාන්දු, ඒ.එල්. මොහොමඩ් මුක්තාර්, එස්.ටී.බී. රත්නායක, ඒ.ඩබ්. ලාල් චන්ද්‍ර වීරකෝන්, ජී.ඒ.පී. පත්මනාත, කේ. සරත් ලාල් පෙරේරා.
කොමිෂන් සභාවේ ලේකම්: ඩී. එම්.සී. නාලක දිසානායක මහතා.
මෙම අවස්ථාව සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතාද එක්ව සිටියේය.
















