රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික සිංහල සහ දෙමළ පාසල් සඳහා 2026 වර්ෂයට අදාළ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර අවසන් කරමින් අද (07) දින සිට නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ප්‍රකාශ කර තිබේ.
ප්‍රධාන කරුණු:
මුස්ලිම් පාසල් සඳහා මෙම නිවාඩුව ආරම්භ වන්නේ සැප්තැම්බර් මස 02 වැනිදා සිටය. සියලුම පාසල්වල (සිංහල, දෙමළ, මුස්ලිම්) තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර සැප්තැම්බර් මස 07 වැනිදා යළි ආරම්භ වන අතර, එම වාරය දෙසැම්බර් මස 04 වැනිදා දක්වා පැවැත්වේ. මීට අමතරව, 2026 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු මස 10 වැනිදා සිට සැප්තැම්බර් මස 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.














