2026 වර්ෂය සඳහා වන දෙවන පාසල් වාරය දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල අද (අප්‍රේල් 20) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයට අනුව මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරයේ සිව්වන අදියර ද අද දින සිට ආරම්භ වීමට නියමිතය. සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් දරුවන් වෙනුවෙන් අධ්‍යයන කටයුතු මෙලෙස යළි ආරම්භ වේ.














