ශ්‍රී ලංකාවේ ආර්ථික ඉතිහාසය වෙනස් කරන තවත් සුවිශේෂී සහ දැවැන්ත ආයෝජන රැල්ලක් ආරම්භ වී තිබෙනවා. මෙරට වෙළඳපොළ කෙරෙහි විශ්වාසය තබමින් ලෝක ප්‍රකට වාහන සන්නාමයක් තම වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ඉදිකිරීමටත්, ලෝකයේ ඉහළම ගණයේ රෝහල් සන්නාමයක් නවීනතම තාක්ෂණයෙන් යුත් සුපිරි රෝහලක් ඉදිකිරීමටත් කටයුතු සූදානම් කර ඇත.
මෙම වසරේදී ක්‍රියාත්මක වීමට නියමිත මෙම දැවැන්ත ආයෝජන දෙකෙහි සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.5කට ආසන්න වීම විශේෂත්වයක්. මෙම පියවර හරහා ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළට විශාල ශක්තියක් ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.
වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව මඟින් දේශීය රැකියා අවස්ථා දහස් ගණනක් බිහිවන අතර, නවීන පන්නයේ සුපිරි රෝහල මඟින් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සංචාරක ක්ෂේත්රයට අලුත් මානයක් එක් වනු ඇත. ලොව දියුණුම තාක්ෂණයන් සහ පහසුකම් සහිතව ඉදිවන මෙම රෝහල තුළින් මෙරට රෝගීන්ට ලෝක මට්ටමේ ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව උදාවනු ඇත.
















