ශ්රී ලංකාවේ මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින්, අලියාන්ස් ලංකා (Allianz Lanka) සමාගම විසින් දිවයින පුරා පිහිටි ප්රදේශ 60කට ආසන්න සංඛ්යාවකදී ත්රිරෝද රථ රියදුරන් 7,000කට අධික පිරිසක් සම්බන්ධ කරගනිමින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් සාර්ථකව නිම කර තිබේ.
දෛනික ප්රවාහන අවශ්යතා සපුරාලීමේදී ත්රිරෝද රථ රියදුරන් මෙරට ජන ජීවිතයට සහ ආර්ථික ස්ථාවරත්වයට සුවිශේෂී සේවාවක් සපයයි. මෙම වැදගත් භූමිකාව හඳුනාගත් අලියාන්ස් ලංකා සමාගම, වගකීම් සහගත රිය පැදවීම සහ අනතුරු වළක්වා ගැනීම පිළිබඳව රියදුරන් දැනුවත් කිරීම සඳහා මෙම ව්යාපෘතිය ක්රියාත්මක කළේය.
මෙම ප්රචාරක ව්යාපාරයේ මූලික පණිවිඩය වූයේ “ජීවිතයට 1, අනතුරට තිත!” යන්නයි. රියදුරන්ට ජීවිතයේ වටිනාකම සිහිපත් කරමින්, අනතුරු වළක්වා ගැනීම සඳහා වගකීම් සහගත මෙන්ම අවධානයෙන් යුත් රිය පැදවීමේ වැදගත්කම මෙමඟින් අවධාරණය කෙරිණි. මීට අමතරව, මෙම වැඩසටහනට සහභාගි වූ රියදුරන් වෙනුවෙන් වසරක කාලයක් සඳහා වලංගු වන නොමිලේ රක්ෂණ ආවරණයක් ලබාදීමටද සමාගම කටයුතු කළේය. රියදුරන්ගේ වාහනවල අලවන ලද ස්ටිකර් හරහා මෙම මාර්ග ආරක්ෂණ පණිවිඩය ප්රායෝගිකව මෙන්ම දෘශ්යමය වශයෙන් සමාජය තුළට ගෙන යාමට හැකි විය.
















